චතුරංගි හර්ශිකා 5 years ago 292 3 3
ඇහැළ මහ වැහි කලුව
එලා තිරපට හවස
ඉදහිටත් බිදෙන් බිද
කදුළු වැහි බිඳු හලන...
මලානික අහස යට
හීතලම හුළං පොද
බලා අවසන් මතක
නිමා නොකරනු කිමද...
බක් මහට මෙහි ආව
කොවුලෙක්ගෙ කෑ ගෑම
නොනැවතී ඇසෙන්නේ
හැර ගොසින් දෝ පියඹ...
වැහි බරම අහස් ගැබ
පාරනා මතක පොත
කොවුල් වැලපුම අතර
යළිත් හිත වෙලාගෙන...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ?????
සත්සරණි 5 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ?