✍️Nilushi Nisansala✍️ 7 years ago 321 5 3
තියා මා අත රෝස කැකුළක්
නුඹ දුරක ගිය දා .
හැඩුවෙ නෙත නොව හදවතයි මගේ, නුඹේ සොහොනේ හැපිලා
ගියත් කාලය සැනින් එසනින්
දිනෙන් දින ගෙවිලා.
නුඹේ රුව මට අදත් පෙනෙනවා
ගේ පුරා මවිලා.
වැටී වැටී නැඟිට ඇවිදින ,
දගකම් කරනා ..
මවගේ සෙනෙහේ සොයමින් ,
ඉකිබිඳ හඬනා ..
සුරතල් කතා ඉඟි කර ,
නෙතගින් කියනා ..
දූ ට මවක වනු බැ මට ,
කිසි ලෙසිනා..
එක එක අකුර ඇහිඳන් දූ කියන කතා .
හරි ,ලස්සනයි කියනා විට මට ,
තාත්තා .
අසන දිනක මව ගැන දූ ,
නැතුව කතා .
මුනිවත රකිමි, හඬමින් ,
අසරණ තාත්තා ..................
Ishara umayanga Hewawasam 6 years ago ? නියමයි
සත්සරණි 6 years ago Nice ❤
Deesha(දීෂා)❤️ 6 years ago ❤?