චතුරංගි හර්ශිකා 5 years ago 205 2 2
2020 අගෝස්තු මස 03 වැනිදා
බොහෝ හෝරා
පුරාවට හිත
හීන දියකර
නුඹේ මුව මත...
ගෙතූ පද වැල්
අරුම වත ගොත
ලියූ දින පොත
අවතැන්ව ඇත...
හඩා වැලපෙන
හිනා පුබුදන
වදන් පෙරලූ
නැවුම් හිත් පොත...
අකාලයකට
මිය ගියත් ඔබ
මියැදි කවිකම
තවම මා ළග...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක්
චතුරංගි හර්ශිකා 5 years ago Tnq dr?