චතුරංගි හර්ශිකා 5 years ago 204 4 3
රළු පතන බිම් නිතර
කටුක ලෙස මුරගාන
රිදවනා මිතුරු හිත්
හැකිය මට සනසන්න...
නමුදු අවතැන් හිතට
මල් හීන වැහි වහින
ගුරුතුමනි නුඹ නමින්
නොහැක නැවතී ඉන්න...
නෙත් කෙවෙනි පුරාවට
රැදුනේ ම මදහසයි
නුඹ බෙදූ සිප් සතර
අයිලයෙන් බෝ දුරයි...
හීන තිබුණේ නිතර
ජීවිතේ දකින්නයි
දෛවයේ තීරණය
මලක් වී මියෙන්නයි...
නිමේෂය මතම යළි
හීන පොදි ගොඩ ගසන
දුයිෂෙන් නුඹේ දෑස්
නොහැක මට හැරයන්න...
මේ ප්‍රථම ප්‍රේමයයි
නිහඩ හද සනසන්න
හැකි නම් ඉතින් නැවත
නගරයට විත් යන්න...
- චතූ
සත්සරණි 5 years ago lassni ?
Deesha(දීෂා)❤️ 5 years ago Woow ??
චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr