චතුරංගි හර්ශිකා 6 years ago 284 2 2
කාලයේ මතක පොත මත
ගැළපූ අකුරු වැල් අතර
ඔබ නමින් ලියූ
පද වැල් ද බොහෝ විය...
නිසසල ම රාත්‍රියක
සීතල ම හදවතක
රිද්මයට ආරාධනා කළ
සසල උණුසුම් මදනළයි නුඹ...
නුඹ යළි නේන බවත්
මතකයේ නිදන බවත්
මම දන්නා නමුත්
මග බලා ඉන්නෙමි අදත්...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago Nice ?
චතුරංගි හර්ශිකා 6 years ago Thanq?