චතුරංගි හර්ශිකා 6 years ago 263 1 0
පහළ ඇළ එක රෑක
වෙනදාට වඩා හඩ
ගීතයක් ගයාගෙන
ගම මැදින් දිව ගියා...
ගන මැදියමේ රෑක
මේ ගීය අහන්නට
පිණි පොකුරු මැදින් මම
වෙල අයිනටම ගියා...
හරි අපූරුයි රෑම
මහ වැස්ස පායලා
තණ පදුරු වැහි වතුර
උරාගෙන දිළිසුනා...
මහ පුදුමයක් මේක
පෝය පුරහඳ තැටිය
අපේ ඇල තුළ වැටී
බබළමින් කිමිදුණා...
මහ රෑට සුරගනන්
හඳ අලවලා ගියත්
වැහි වතුර මුළු රෑම
අහස තෙත් කළ නිසා...
සද වැටෙන්නැති ඇළට
පහුවදා ගගනතට
සුරගනන් හොරෙන් විත්
නව සදක් එල්ලලා...
- චතූ