චතුරංගි හර්ශිකා 6 years ago 289 3 2
වැන්ගෝ ගෙ තරු පිරුණු
රෑ සිතුවමේ අදුරු
සුළි වගේ වලාකුළු
හිත කියන කවියක් ලු...
ගන රැයක රැළි ගැහුණු
ඉහල අහසේ නැගුණු
සද සුළිය ගිලගන්න
හැදුවා ලු වලාකුළු...
හිතේ කැළඹීම මැද
පීඩාව ගලනව ලු
සිත්තරා හදවතම
සිතුවමේ ඇන්දා ලු...
කෙටි බුරුසු පාරවල්
කැන්වසය පාරයි ලු
තරු පිරුණු රෑ අහස
හිත රිදෙන අවුලක් ලු...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago Thanq?