චතුරංගි හර්ශිකා 5 years ago 264 2 2
ලියන්නට ඉඩක් නැති
පිරුණු පොත මැද මමත්
එකම එක හිස් තැනක්
හොය හොයා වෙහෙසුනා...
මමත් මගෙ පන්හිඳත්
දින පොතේ පිටු අතර
අකුරු වැල් හැමදාම
රූල් මැද හිර කළා...
අදත් ආයෙමත් මම
වාන් දොර ඇරියාට
හිත් වැවේ මහා දිය
පොතට හැලුමට හිතා...
ඉඩක් නොතිබුණි තවත්
රතු රූල කෙළවරෙත්
මොන මොනවදෝ පුංචි
අකුරු වැල් ලියවිලා...
හිත් විලම ගලන කොට
වාන් දොර වැහුවාම
හිතෙයි මට වැව් බැම්ම
බිදී යාදෝ කියා...
මගෙ පරණ පොත් ගොඩක්
බිම පුරා හලාගෙන
පිටු අතර සැරිසරමි
හිස් ඉඩක් හොය හොයා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago අනේ ? ඔය පපුවේ දැනෙන වේදනාව ??? සතුට හිමිවෙයි ඉක්මනින් ?
චතුරංගි හර්ශිකා 5 years ago තෑන්ක් යූ දීශා ප්‍රාර්ථනාවට?