චතුරංගි හර්ශිකා 6 years ago 315 2 2
නිසදැසක් හරියට පිස්සුවක්
මුළු හිත පුරාවට වචන රැදෙනා...
කවි ගී පොතත් එක පුදුමයක්
හිත් මලට ගොඩවී හිතම නිවනා...
මම නොහැඩුවත් හැඩුවත් ඉතින්
දුක වචන තුළටම මුදා හරිනා...
මගෙ නෙත් තෙමූ හෝරා ගොඩක්
මේ පුංචි කාලෙට මටත් ලැබුණා...
නුඹ නොමැති නම් කවි පොත මමත්
දැන් අන්ධ කවියෙක් හිතින් ලියනා...
මගෙ හිනාවත් කදුලත් හෙටත්
ඔය නුඹේ පිටු මත රඳවමි මෙමා...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 6 years ago Thanq?