sad danu 7 years ago 306 6 2

Nisadas Image

දුයිිෂෙයින්ගේ කවිය....

දයාබර අල්තිනායි
මතකද එ් දවස...
නුඹට මම ඉගැන්නුවා
කිර්ගීසියානු හෝඩිය
දකින්නට අයිලයට එහා ඇති
ලෝකය........
නුඹ හා මම
වැළලුවා පොප්ලර් ගස් දෙකක්
සොඳුරු ස්ටෙප්ස් බිමෙහි
බලා ඉඳිද්දිම
⁣උස ගියා එ ගස්
හරියට අල්තිනායි
නුඹ වගේ....
ඉතින්,
දයාබර අල්තිනායි
නුඹ දන්නවද
සුළඟ හමන විට
පොප්ලර් අතු
සෙලවෙන විට
ඇසෙනවා
ඈත ඉඳන් අමතන හඬ
නුඹ මා
දයාබර ගුරුතුමානෙණි
ආයුබෝවන්!"


Comments (2)

සූටික්කි??? 6 years ago Super

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ???❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps