චතුරංගි හර්ශිකා 6 years ago 281 2 2
අදින් පසු මම
මගේ කවි තුල
ඔබේ මතකය
ලියන්නේ නෑ...
හිතට ඔබ එන
මොහොතකදි මම
මගේ නෙත් යළි
තෙමන්නේ නෑ...
උඹට හැරයනු
හැකියි නම් පෙම
මමත් ආයෙත්
තැවෙන්නේ නෑ...
රෑ පුරා නුඹ
හීනයක් නම්
ආයෙමත් මම
නිදන්නේ නෑ...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago Thanq❤