චතුරංගි හර්ශිකා 5 years ago 277 3 4
අහස් ගැබ ළග
සැදෑ වරුවක
මම හිදිමි එක
ගල් තලාවක...
සයුර අසබඩ
සුළග සැරසෙයි
මගේ කෙහෙරැළි
අවුල් කෙරුමට...
සද සයුරෙ ගිලෙනා
නිමේෂෙක
දුර ගගන ඇත
රක්ත සයුරක...
ක්ෂිතිජයේ රූ
මැදින් බොදවී
මම දුටිමි එහි
මගෙ ආත්මය...
එසැනින්ම විත්
මගේ කුටියට
රැගෙන තෙලි තුඩ
අන්ධකාරෙක...
කැන්වසය මත
මම දුටුව දෙය
කුරුටු ගෑවෙමි
ස්වප්නයක් ලෙස...
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක්ම ??
චතුරංගි හර්ශිකා 5 years ago Thanq dr?
ශශී❤️? 5 years ago ලස්සනයි චතු
චතුරංගි හර්ශිකා 5 years ago Thank you shashii?