sad danu 7 years ago 303 3 1

Nisadas Image

ඔබ සොයන මා.....

වාන් දමනා
තිස්ස වැවු දිය
නිතර කලඹන
මුදු සුළඟ මැද
ඔබෙි උණුසුම
සොයන මා වෙත
දැනෙන සිසිලස
හද ගිමන් නිව
සදා නොමැකෙන
ඔබෙි මතකය
සමග මා අද
වැවු ඉවුර මත
සැඟව ගිය ඔබ
සොයන මා නෙතු
අතර රැඳවෙන
දවස ⁣කෙදිනද ?.....

Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි දනූ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps