චතුරංගි හර්ශිකා 5 years ago 296 3 4
ගම මැදින් ගලන ගඟ
හැමදාම හැමදේම
සෝදගෙන ගලාවිත්
ගල් බොරලු හැංගුවා...
දෙවැට අයිනේ පදුරු
වතුසුද්ද මල් වලට
දූවිල්ල නොවැදෙන්න
වතුපාළු පැල වුණා...
හිරු එළිය හරි තදට
මිරිස් පැළ මරනකොට
ගම්මිරිස් වැල් පවා
පුංචි පැළ බේරුවා...
නිල් වතුර අඩන තැන
පුංචි මාළුවො නිතර
මදුරු පැටවුන් පවා
ආදරෙන් සුරැකුවා...
හැමදාම පුරපෝය
සද අහසෙ නැගෙනදා
පේලියට පන්සලට
ගම්මු හවසට ගියා...
කැලෑ අලියට පවා
කරුණාව පාන්නට
හුරු පුරුදු හිත් තිබුණු
අයවලුන් එහි වුණා...
මගෙ ගමේ හැමතැනම
හැම මොහොතකම වගේ
ආදරේ වාගේම
සෙනෙහසත් ඉතුරුවා...
අද වගේ නොවෙයි ඒ
අතීතේ මගේ ගම
තව්තිසාවක සතුට
හිත් ඇතුලෙ දිලිසුනා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago හරිම ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanqq?
ශශී❤️? 5 years ago ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?