චතුරංගි හර්ශිකා 5 years ago 286 3 3
අද හවස අහම්බෙන්
මගෙ නෙතට මුණ ගැහුන
සොඳුරු දසුනක් නිසා
හිත අතීතෙට ගියා...
පොඩි එවුන් රංචුවක්
සරුංගල් හදාගෙන
හිනා සයුරක් මැදින්
දුර ඈත දිව ගියා...
මං පුංචි අවදියේ
මගෙ පුංචි ගම පුරා
පුංචි උන් එකතු වී
හැමදාම හිනැහුනා...
නිකිණි මහ ග්‍රීස්මේ
ඉර තදට ඇදුනු දා
හැන්දෑව පුරාවට
වෙල් දෙණියෙ දිව ගියා...
ගමේ ඇළ පාර මැද
පුංචිඋන් එකතු වී
කෙහෙල් කොට පාරුවේ
ඉහල පහලට ගියා...
වැහි දාට කඩදාසි
ඔරු අරන් මිදුල මැද
පුංචි මුහුදේ අපිත්
කපිතාන්ලා උනා...
කෝටු හිටවපු පුංචි
සෙල්ලම් ගෙදර ඇතුලෙ
ටීචලා අම්මලා
පුංචි උන්මයි එදා...
ලදු දෙණියෙ ගස් අතරෙ
කොස් කොළ ඔටුනු පැළද
අපි අපේ හීන ලොව
මොහොතකට රජ වුණා...
මහ වීර සටන් මැද
ජය ලබන විරුවාට
මාලිගාවේ ම තනි
අයිතියත් හිමි වුණා...
තවත් දිනයක ලන්දෙ
කටු පදුරු මැද්දෑවෙ
හොර කල්ලියක මමත්
නායක හොරෙක් වුණා...
ගං දෙවැටෙ ගඩාගෙඩි
අපෙ පුංචි ඇස් වලට
කොයිතරම් හැංගුනත්
හංගන්න බැරි වුණා...
ඒ තරම් නිදහසක්
අපි අපේ හිත් ඇතුලෙ
තුරුළු කරගත් එදා
අද පවා සිහිවුනා...
මගෙ ළමා කාලයට
ආයෙමත් දිව යන්න
මගේ හිත අදත් මගෙ
හදවතට බල කලා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සන ගමක් ලස්සන ළමා කාලයක්...........
චතුරංගි හර්ශිකා 5 years ago ඔව් දීෂා? ඒ මගෙ ලස්සන ගම
සත්සරණි 5 years ago ?