චතුරංගි හර්ශිකා 6 years ago 278 2 2

Nisadas Image

මට හිතයි හැර යන්න

හැමදාම හැමදේම
දරාගෙන හිනැහෙන්න

කදුළු නැති ඇස් දෙකක්
මට ගෙනැල්ලා දෙන්න

වැටෙන හැම මොහොතකම
මගේ හිත සනසන්න

නොහැකි නම් දෙවියො ඇයි
මාව මැව්වේ ලොවට

මම කියා කෙනෙක් ලොව
නොහිටියා කියා තව

කාටවත් කොහොමවත්
පාඩුවක් නැහැනෙ ලොව

රිදුම් වැලපුම් පිරුණු
කුමට මේ මැවුම මට

මට හිතයි හැර යන්න
ඔබ මැව්ව හැම දේම

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි ගොඩක් ඒත් දුකයි ?

චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps