චතුරංගි හර්ශිකා 6 years ago 275 3 2
ඇගේ උකුලේ
සැනසෙන්න මට
නොහැකි වූ ලොව
කුමන කිරුළුද
මවක් ළග නැති
අඩුව තනිකම
පුරවන්න හැකි
වුණේ කාටද?
මම නොදුටු මගෙ
ළමා කාලේ
මගේ අම්මා
මෙහෙම වෙන්නැති
හිතා ඉදහිට
මමත් හැඩුවා
මම නොදුටු
සෙනෙහසක් වෙනුවෙන්
අන්ධ හදවත
මැද නතර වුණ
එකම එක රළු
පුංචි සුසුමක
පවා ඉදහිට
මමත් හෙව්වා
ඇත්තටම
අම්මලා කොහොමද?
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ?
ශශී❤️? 6 years ago ??