චතුරංගි හර්ශිකා 5 years ago 220 2 2
හැම වතාවෙම වගේ
මගෙ සිනහ කදුළු පොත
තව කතාවක් නුඹට
කියන්නට තිබේ මට...
අද උදෙත් ඉර තදට
පායලා ඇත මෙහෙට
ගම තරම් නම් ඉතින්
පුරුදු නෑ මට කොළඹ...
ඉඩක් නැති පාරවල්
තදබදය හරි ගැහැට
විදින්නට හැමදාම
සිදුවේවි මෙහෙ උන්ට...
නිදන්නට පවා රෑ
හීනයක් තුළ තදට
මෙහේ බෑ හරි සද්ද
රෑ කියා නෑ වෙනස...
වීදි ගානේ යනෙන
නේක වූ මිනිසුන්ට
අනිත් උන් ගැන හොයා
බලන්නට නැහැනෙ ඉඩ...
තම තමන්ගේ ලෝකවල
තනිව හැම පැයම
මුදල් හොයලා නහින
උන් තමයි හැම අතම...
තවත් පැත්තක හොඳට
ගස් අමුතුවෙන් වැවුව
වීදිවල සමහරුන්
ඇවිද යයි උදයේම...
ලොම් පිරුණු බල්ලන්ට
ඇවිදින්න වත් තනිව
ඉඩක් නෑ ඇවිදින්න
එක්ක යනවා උන්ව...
හරි දුක් ගොඩක් පිරුණු
මේ වීදිවල රෑට
ඇග මසත් මුදලකට
විකිණෙනවා හැමදාම...
අපායත් දෙව් ලොවත්
දෙකම මේ එකම බිම
දැකගන්න හැකියි මෙය
නොවෙයි මට උරුම තැන...
මේ වීදි පුරාවට
හිනාවට යටින් තව
කදුළු පැල්ලම් බොහොම
තිබේ නොපෙනෙනා ඉම...
මට හිතයි මොහොතකින්
නිසංසල මගෙ ගමට
පියාඹා වැව් දියෙන්
මේ කිළුටු සෝදන්න...
මට එපා මේ කොළඹ
හැම තැනම කදුළු කැට
මට යන්න තිබේනම්
හීන විසි කර ගමට...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ???
චතුරංගි හර්ශිකා 5 years ago ??