චතුරංගි හර්ශිකා 6 years ago 287 2 2
මට මතක මගෙ මතක
තිබුණේ ම ළමා විය
තුළ නිදන් වී තිබුණු
මගෙ ළමා හිත ගාව...
පාසැල් සමය නැවත
නොඑන හින්දා දිනෙක
ගෙවුණු කාලය හිතේ
නිදන් වී ඇත කොණක...
හැමදාම හැමදේම
හරි සතුටු හිතකින්ම
ජීවිතේ විදින්නට
කියා දුන්නා නිතර...
යෙහෙළියන් පිරිවරා
දුව පැනපු අතීතය
අපහැදිලි සිතුවමකි
හදවතේ තව රැදුන...
ජීවිතේ වසත් කල
මගේ කවි හිත ගාව
මල් වදුළු පිබිදවූ
මගේ පාසල් මතක...
ඒ බිමේ හැමදාම
නවතින්න හැකියි නම්
ජීවිතේ මම ලබන
එකම ප්‍රීතිය ඒක...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? හරිම ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?