චතුරංගි හර්ශිකා 5 years ago 371 2 2
මං තනිව මගෙ හීන
ගොඩ ගැහුව හිත ගාව
හත්පෙති මලත් එක්ක
ෂේන්යා මගෙ ගාව...
රෑට හීනෙන් පවා
පාට පෙති මම දුටුව
ඒ මලේ පෙති හතම
තිබුණ තව ඈ ගාව...
මගේ කෙළිලොල් හිතේ
හීනයක් වී උපන්
පෙරදා රැයේ ඇවිත්
මගෙ හීනවල ඉදන්...
එ් පුදුම මිත්තණිය
දුන්නු හත්පෙති මලත්
ෂේන්යා ඇත්තටම
මට අරගෙනත් ඇවිත්...
ආන්යා වෙනුවෙන්
පෙත්තක් කඩා ගන්න
ඒක කළ යුතු නිසා
මම ඉඩ දුන්නා ඔන්න...
ඒත් ආයෙත් ඉතින්
තවත් දේ ඉල්ලන්න
එන්න නම් එපා මේ
මල මගේ මට දෙන්න...
සෙල්ලම් බඩු අරං
පෙති නිකං අපරාදෙ
මල් වාස් කඩ කඩා
හදන්නට බැහැ ආයෙ...
පෙර කරපු සිගිති වැඩ
කරන්නට මේ වාරෙ
ඉඩක් නෑ ෂේන්යා
හත් පෙති මල මගේ...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? Woow
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?