චතුරංගි හර්ශිකා 5 years ago 336 3 3
දේදුන්න ඇන්දාට
අහසෙ මැද්දට වෙන්න
කවුද කිව්වේ එයට
පාට හතකුත් දෙන්න...
වැස්ස සහ ඉර එළිය
මැද නොඇද දහවලක
අදින්නට තිබුණානෙ
සුදු පාට සද රෑක...
මට ඕනි මගෙ පාට
විසි හතර පුරවන්න
දේදුන්නෙ හැඩේ මට
වෙනස් කර දෙනවාද...
රෑ මොකද කලු කළේ
සුදු පාට හොඳ නැතිද
ඉර තදට කහ පාට
ගැළපෙන්නෙ නෑ එයට...
හඳ මොකද සුදු පාට
රෑ කරමු සුදු පාට
හද අදිමු සුදු රැයක
කොටුවකින් කොළ පාට...
මගේ කැලතුනු ගීත
හිත කලඹනා විටෙක
වැන්ගෝ වාගේම
ගිම්හානෙ මහ රෑක...
අපෙ ඉරිඟු යාය මැද
හිසට වෙඩි තියාගෙන
මට හිතුනොතින් එහෙම
මියැදෙනව මමත් හෙට...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago එපා ✋ ???
චතුරංගි හර්ශිකා 5 years ago ???
සත්සරණි 5 years ago ?