චතුරංගි හර්ශිකා 5 years ago 286 4 4
ගිරවුන්ට මොර බෙදන
වැව අයිනෙ මොර ගහට
පෙර රැයේ ආ සුළග
කස පහර දුන්නාද...
මං පුංචි සන්ධියේ
හැම හවසකම වගේ
ඒ ගහේ අතු ගානෙ
දැවටුණි සුළග වගේ...
දෙණියෙ පොඩි උන් එක්ක
මොර වාරයේ හවස
කුස පිරෙන තුරුම මොර
හිත පුරා වැළදුවේ...
අවාරෙට පවා ඒ
මහ විසල් මොර ගසේ
අඩු නැතිව කහ පාට
මොර නොඅඩුව ම තිබේ...
රාත්‍රියෙ ගොම්මනට
පවා ඉදහිට තැනක
කහපාට මොර මලක්
නිරන්තර හිනැහුනේ...
වවුලන් පවා රෑට
මොර ගහේ අතු ගානෙ
රෑ වේල මොරවලින්
පිරිමහන්නට ගියේ...
අතු කඩා කිසි දිනෙක
මොර නොකන ගම්මුන්ට
හැමදාම මොර දුන්න
හිතවත් මවක් වගේ...
මේ මොර ගහේ හෙවනෙ
අපේ අත්තා පවා
කුඩා සන්දියේ දී
රැදී ඉදලා තිබේ...
හැමදාම හැමෝටම
මොර දුන්නු මොර ගහට
මහ වැස්ස දුන් පහර
තදින් බලපා තිබේ...
තද හුළග මොර ගහේ
මුලින් උදුරා දමා
සදාදරණීය ගස
මරා දමලා තිබේ...
සොබාදම මැවූ දේ
සොබාදම ගෙන ගිහින්
වැව අයිනෙ ආයෙමත්
මොර ගහක් නෑ ගමේ...
ගහේ හෙවනේ රැදුණු
මොර වලින් කුස නිවුණු
හැමෝගෙම හිත් වලට
ඒ අඩුව දැන් දැනේ...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ✍️??
Kaveesha Lakmali 5 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ?
සත්සරණි 5 years ago ?