චතුරංගි හර්ශිකා 6 years ago 310 4 2
අකීකරු හිත අස්සෙ
මොහොතකට ඉරි ඇන්ද
දඟකාර දෙපා පොඩි
හොර හොරෙන් මං ගාව...
උදේ හවසත් ඉතින්
මහ රෑත් ලඟ ඉන්න
හොඳම මිතුරා මගේ
ඔය සිඟිති හුරතලය...
පුංචි දෑසින් බලා
ලඟින් දැවටී ඉන්න
හැම මොහොතකම වගේ
දෙපා ලඟ ගුලිවෙන්න...
දඟකාර කම් ඉතින්
අඩු නැතිව හැම තැනම
බොඳ කරන මගෙ කිටී
උඹ තමයි මගේ මල...
- චතූ
ශශී❤️? 6 years ago කිටියා?
චතුරංගි හර්ශිකා 6 years ago ??❤️