චතුරංගි හර්ශිකා 5 years ago 231 2 2
හැම මලක් තුළම රැඳි
ලොකු කවක් තිබුණමුත්
කිසි දිනෙක කිසිවෙකුට
එය අසන්නට නොහැක...
උපතින්ම ගොළු වුණත්
මලක් හඩනා හඩක්
සියුම් හදකට ඉතින්
ඇසෙන එක පුදුමයිද...
ලොවට මේ මිහිකතට
ප්‍රේම කළ ඇත්තන්ට
එවන් වූ හදවතක්
තිබුණාට ඉස්සරම...
කාලයත් එක්ක මග
මිනිස්කම හැර ආව
දැන් උන්ගෙ හිත් ඇතුලෙ
එයින් බිඳුවක් නොමැත...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Hmm ඒකනේ ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?