චතුරංගි හර්ශිකා 6 years ago 256 3 4
සමහර සිතුවම්
අවසන් නොකරම
හැරගියේ මන්දැයි
කිසිවෙක් නොදනිතත්...
සමහර විටෙකදි
අපමණ අගයක්
හිමි කර ගත්තෙම
අසම්පූර්ණ සිතුවම්...
එහෙයින්
ඔබ නවතින්න
අපේ සිතුවමේ
පින්සල් පහරක් ළගින්...
මට හැකිවෙයි
හිත හදාගන්න
අසම්පූර්ණ සිතුවමක
අයිතිකාරියක් ලෙසින්...
Deesha(දීෂා)❤️ 6 years ago ??
චතුරංගි හර්ශිකා 6 years ago ?✍
Kavinda Sahan 6 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ?