චතුරංගි හර්ශිකා 6 years ago 306 2 2
මම මගේ හිත ලියූ නුඹ වෙත
කියන්නට මට බොහෝ තතු ඇත
දිනපොතක් වාගෙමයි නුඹ මට
මගේ නිසදැස් ලියන මුහුණත...
මට දැනෙන පාළුවට තනිකම
එකතු වුණ විට වගෙම දවසක
මට දැනෙන නෙක විඩාවන් ළග
නතර වුණි මම නුඹේ පිටුවක...
හිතට නිදහස සතුට සැනසුම
නුඹේ පිටුවක දිගහැරීමට
හැමදාම මම බලා ඉන්නේ
නුඹේ පිටු මත මහිත තැබුමට...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ගොඩක්ම ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?