චතුරංගි හර්ශිකා 6 years ago 278 2 1
උඹට ළං වූ මුල් දවස්වල
බොහෝ උන් මට රිද්දුවා
මෙහෙම උඹ ගැන හිතන්නේ ඇයි
උමතුවෙන් දැයි විමසුවා...
ආදරේ හදවතේ ඇත්නම්
ළගින් ඉන්නම් දිවුරලා
මම උඹේ ඔය ආදරේ ළග
මගේ හදවත හිර කළා...
කතා කියු අය හිනා වෙද්දී
උඹ මාව අතහැර ගියා
උන් තමයි හරි මමයි වැරදී
අන්තිමේ මට වැටහුනා...
ආදරේ විහිළුවක් වූ කල
සුපෙම් හැඟුමන් නෑ කියා
මගේ දිවියේ හොඳම පාඩම
ඒ නුඹෙන් මම උගත්තා...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ???