Kavinda Sahan 6 years ago 275 3 2
සසරින් සසරටම දැනුන
හිමි නැති මුත් අහිමි නොවන
ඔබේ සුවදම අරන් වඩින
නලමුදු පහසද මේ......
ඇහිපිය මත සදා රැදුන
ගිලිහෙන්නට නොදී රකින
සිත පිරිමැද යලි හඩවන
උණු කදුලුද මේ......
පේනමානේ දුරින් සිටින
ඔබ ලගට එන්න වරම් නැති වුන
දුරින් සිට පෙම් කරන
කාලයද මේ.....
ලය නිමි හිමි හොයා ගලන
සරතැස ගිම් නිවා දමන
අයදින්නට වරම් නොවුන
ආදරයද මේ.....
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි ?