චතුරංගි හර්ශිකා 6 years ago 256 3 2
බලන බලන හැම අතම
නිහඩ හුළග කතා කියයි
දන්නවාද දන්නෑ ඔබ
හුදෙකලාව හරි මිහිරියි...
ගලන දොළක මිහිරි හඩට
මංසල ළග කුරුළු නාද
හරි මිහිරට ගීත ගැයුවෙ
වස්සානය ගැන නොවෙයිද...
බිනර මහේ එක හවසක
සදු නගිනා හෝරාවක
දළදා සමිඳුන් අභියස
මට හැකි නම් වැද වැටෙන්න...
දුම්රිය පොළ ගාව තැබූ
මගේ මැරුණු ගොළු හදවත
අරං එන්න මම යනවා
මේ ගොම්මන් රෑ අදුරට...
චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?