චතුරංගි හර්ශිකා 5 years ago 264 3 2
මම ආසම පියාඹන්න
කුරුල්ලෙක් ගෙන්
තටු දෙකක් ඉල්ලගෙන
මමත් එනවා හඳ බලන්න...
හැකි නම් මට නතර වෙන්න
හඳේ කොණක ගේ හදන්න
කන්ටේනරයක් අරගෙන
මගෙ මළු ටික උඩට ගන්න...
හඳේ හාවා ආසා නිසා
උදුපියලිය අමතක නෑ
අනිවාරෙන් අරං එනව
මම එනකොට දවසක රෑ...
සද දෙව්දුව පට සළු ගෙන
මහන ඇදුම හැඩ බලන්න
හෙටවත් එන්නට හැකිනම්
ආසයි මට නතර වෙන්න...
නිකිණි මහේ පුන් පෝදා
රෑ පුර හඳ මතට ඔන්න
මම එනවා රාත්‍රියේ
හා පැටියෝ උඹ බලන්න...
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ගොඩක්ම
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ??