චතුරංගි හර්ශිකා 5 years ago 247 2 2

Nisadas Image

සතුට

මතක වැලලූ මහරු හීනේ
පාව යන කුසුමක් වගේ
ජීවිතේ හරි ලස්සනයි දැන්
නොකී කවි පදයක් වගේ...

සිහිනයක දැවටී යොවුන් හිත
සුළං රැල්ලක පා වුණේ
සත්තමයි මේ වසන්තය නම්
මටම මැව් කවියක් වගේ...

අහස ගස් වැල් පවා හිනැහෙයි
මා දෙසට ඉගි කර සෙනේ
සිහින ඉම මම පියාඹා යමි
මල් සුවඳ ඉහිරෙන ලොවේ...

චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ???

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps