චතුරංගි හර්ශිකා 5 years ago 260 2 2

Nisadas Image

මම

කවි හිත මැරුණු එක හවසක
අපේ ගමේ...

සිරිපා කන්ද පෙනෙනා
සුන්දර තැන්නේ...

ලස්සන ගල් කුලක නැවතී
මේ යාමේ...

මම යමි හිත එක්ක
සිතුවිලි ගංගාවේ...

පුර හඳ එන්න තව වේලා
තිබෙන නියා...

ගගනත කොණක නිල් සිනහව
මදෙස බලා...

තුරු මුදුනක් මැදින් බොදවී
ඉගි කරලා...

ලස්සන නිල් අහස මට දැන්
හිනාවුණා...

අවසර නැති සිතුවිලි යානයක්
ඇවිත්...

හිත නංවාගෙන හරි දුරකට ඇදී
ගිහින්...

සිරිපා වන්දනාවට මේ හවස
ඉතිං...

යන්නට සමනලුන් යනවා
බැති හිතකින්...

අවාරෙ සිරිපා වදින්න යන්න
මට...

මේ වසරේ හැකි වුණොතින්
හොඳයි හෙට...

මම මගෙ හිත ඔබා සීතල
ජලය මත...

සීත ගඟුලෙ පා කර එමි
මගේ හිත...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago හරිම ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps