චතුරංගි හර්ශිකා 6 years ago 298 2 2
ලෝකයේ හැම තැනම වාගේ
හරිම ලස්සන දසුන් ඇති මේ
මගේ රට තුළ සොබාදහමේ
අපූරුව පුදුමයි අගෙයිනේ...
පින්තූරයක් ගන්න මොහොතේ
අසිරිමත් සුන්දර රටේ මේ
අහස විනිවිද හැම ඉමකදිම
විදුලි රැහැනක් හමුවුණානේ...
සොඳුරු කවියක පැල්ලමක් ලෙස
දිය සලකුණක් ගැසූ ලෙසකට
ඇත්තටම මේ වයර් අහසේ
හතර අතටම ඇද්දෙ මොකටද...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ??? ගොඩක්ම ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?