චතුරංගි හර්ශිකා 5 years ago 228 2 2
මම හිතුවා හරි
ඊයෙ වැස්ස
මහ පොළොව
දිය කරලා නෑ...
ඒත් මේ පස් ගොඩැලි
වැලි කැට
ඔක්කොම තෙමලා
දූවිලි හෝදලා...
කට්ට අවුව
පුච්චපු ගස් වලට
වැහි වතුර වැටුණම
ඇත්තමයි අගුරු සුවඳක් එනවා..
කහ පාට වේලිච්ච කොළ
පොළොව උඩ වැටිලා
තෙත පොළොව දිහා
ආදරෙන් බලනවා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago හ්ම්ම් ඔව් ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?