චතුරංගි හර්ශිකා 5 years ago 236 2 2
මානා පදුරු
අහස දිහාවට
බලාගෙන ම ඉන්නවා...
සුදු පාට
වලාකුළක්
කම්මැලි විදිහට හිනාවෙනවා...
කදු කරයේ
හැම මුල්ලකම
ජීවිතේ ගයන හඩ ඇහෙනවා...
මේ කදු වල පවා
හුස්ම වැටෙනවා...
මේ මගේ පොළොව
මගේ ගම...
මගෙ ජීවිතේ
මගෙ හැමදේම...
මම මේ පරිසරය
විදිනවා...
මට මේ මීදුම
දැනෙනවා...
මම දවසක
මේ බිමේම මැරෙනවා...
මං දන්නවා
උන් මාව මේ පොළොවෙම වළලනවා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම් ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?