චතුරංගි හර්ශිකා 5 years ago 209 2 2
කුරුදු ඔය
පුරුදු වතුර අරගෙන
හැමදාම වැටෙනවා...
කදුකරයේ හීතලට
ඔය වතුරත්
වෙව්ලනවා...
මේ හැම තැනම
සොබාදහම
ජීවත් වෙනවා...
ආදරණීය ගස් වැල්
හරි සෙනෙහසින්
මේ වතුරට තුරුළු වෙනවා...
හැම ගිම්හානෙකම
නොහිදෙන වතුර
පොළොවට ප්‍රේම කරනවා...
සමනලයෙක් වෙලා
මේ ඔයබඩ
ඈතට පියාඹන්න ඇත්නම්...
මේ ගහක
කූඩුවක් හදාන
කුරුල්ලෙක් වෙලා නවතින්න ඇත්නම්...
ආදරණීය අහසේ
වලාකුළක් වෙලා
ඔය වතුරට හිනාවෙන්න ඇත්නම්...
ඈත පෙරදිග
දේදුන්නක් දිගේ
පාට පාට සිහින සොයා දිව යන්න ඇත්නම්...
මේ සීතල ඔය වතුරෙ
මාළුවෙක් වෙලා
සදහටම නවතින්න ඇත්නම්...
මම මගේ හීන දැකපු
මගේ හීන කියපු
පාරාදීසය
මගේ ලස්සන නවාතැන...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thnq?