චතුරංගි හර්ශිකා 5 years ago 196 4 4
2020 සැප්තැම්බර් 02 බදාදා
ප.ව. 6.00
අකමැතිම වැඩක්
රෙදි මදින එක...
දාඩිය පෙරාගෙන
කකුල් රිදෙනකං හිටගෙන...
එපා වෙන වැඩක්...
වෙනසක් කරන්න හිතලා
නිර්මාණශීලී ඉස්තිරික්කයක්
ගෙනත්...
හත්ඉලවුවයි
ඒක ඊට එහා
උඹෙ මූණ දැක්කම
රෙද්දෙ තියන්නත් බයයි
තියනකංද කොහෙද ඔරෝගෙන ඉන්නෙ
පුච්චලා දාන්න!
ඔන්න ඔහේ පොඩිවෙච්චි
ඇඳුම ම ඇඳගෙන යනවා...
කාටවත් මොකද
මං අඳින්නෙ මට ඕනි විදිහට...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ?? වෙනස්ම විදියකින්, අපූරුයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanq?
සත්සරණි 5 years ago ?
නදී ..✍???? 5 years ago ?