චතුරංගි හර්ශිකා 5 years ago 202 2 2
2020 සැප්තැම්බර් මස 02 වැනි දා
පෙ.ව.10.00
හීතල දුරුත්තට
තව තුන් මාසයක් විතර ඇති...
කාලයක් ගෙවුණාම
උඹත් අමතක වෙලා යයි...
හැමදාම එකතැන රැදිලා
අඬ අඬා ඉඳලා මිනිස්සුන්ට පුරුදු නෑ...
කාලය අරන් එන
ලස්සන කතාවක මමත් කොටසක් වෙයි...
ඒ නැතත්
වෙනස්වෙන ලෝකෙ මටත් හිනා මුල්ලක් ලැබෙයි...
කොහොම වෙතත්
ජීවත්වෙන ටික කාලෙට
ඇලීම් බැඳීම් අඩු වෙන තරමට හොඳයි...
මම බලා ඉන්නවා
ජීවිතේ දිහා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanq?