චතුරංගි හර්ශිකා 5 years ago 240 5 4
-රාධා ක්‍රිෂ්ණා-
" හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා...
සුදු පෙණ කැටි බලන්න රාධා...
සුළග හමයි සීතල සාදා
සීතල ගිනි ගනියි ද ක්‍රිෂ්ණා...
සිනා රැළි නගා උතුරන
ඔය හදවත් නීල ජලාශේ
පීනන මේ ස්වර්ණ හංසයෝ...
අකීකරු ද මෙතරම් රාධා...
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ඉන්නම් ක්‍රිෂ්ණා...
මල් පෙති පොඩි වී ඉකිලන
මේ හෝපළු යහන් තලාවේ
සද දිය මිණි මෙවුලට වැටිලා...
දෑස නිලංකාරයි රාධා...
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..."
සත්සරණි 5 years ago woow ?
✍️Nilushi Nisansala✍️ 5 years ago Supper ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?
චතුරංගි හර්ශිකා 5 years ago මේක ලස්සන සින්දුවක කොටසක්. මගෙ අලුත් චිත්‍රයට මම ඒක ලියලා තියන්න හිතුවා