චතුරංගි හර්ශිකා 6 years ago 276 3 3
තිමිර පට අරන්
සීතල ඇවිදින්
බිනර මහේ මැද
පුරවයි සුසුමින්...
උඹේ මතක පොත
අරගෙන දෑතින්
සිනා සෙන්න මට
පුළුවන් කරපන්...
මේ මාසේ මට
ගොඩක් විශේෂයි
බිනර මහේ එක
දවසක් මතකයි...
උඹට මතක නම්
කෙටි පණිවුඩයක්
විතරක් එවපන්
මට එය සෑහෙයි...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ?
ශශී❤️? 6 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 6 years ago Thanks ?