චතුරංගි හර්ශිකා 5 years ago 223 3 3
වස්සානෙට මල් පිපෙන්න පිණි වැස්සක් වහින්න...
හැන්දෑවේ රතු අහසට ලස්සන කවි කියන්න...
ගිම්හානේ මිය ගිය පසු හෙමින් සිනා
නගන්න...
රාධා ගැන ක්‍රිෂ්ණා ගැන ආයෙත් කවි
ලියන්න...
ගංගාවේ හැම ඉවුරෙම සමනලයින් පිරෙන්න...
හන්තානේ කඳු මුදුනට සුළග එක්ක
ඇදෙන්න...
මල් යායේ පිපෙන පිපෙන මලක් ගානේ සිඹින්න...
ඉතින් ඔන්න කුරුල්ලන්ට කවි ලියන්න වඩින්න...
නොහොඳ නෝක්කඩු දියකර උඩු හුළගට පුදන්න...
කවි අතරේ සුවද හමන අරලියා මල්
තියන්න...
රෑ ගගනත වලාකුළක් පත් ඉරුවේ
මවන්න...
පොද වැස්සක් වෙලා යළිත් කවි හිත
දිග හරින්න...
මම
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ???? ලස්සනයි
ශශී❤️? 5 years ago ලස්සනයි චතූ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?