තුෂාරි සේනාලිකා 5 years ago 212 3 4
නුඹ ලියූ කවි පේලි වල මම
මා සිටීදැයි සොයනවා.....
ඉඟියකින් වත් මගේ ගැන ඇයි
ලියා නැත්තේ සිතනවා .....
මා ලියන කවි පේලි ඇතුළෙ
නිතර නුඹ නම් ඉන්නවා.....
මා ලියූ පද ගුවනේ මුසුකර සිතින්
සිතින් සුසුමන් හෙළනවා.....
කාලයක් නුඹේ තාලයට මා ලියු
කවි පද තියනවා....
තාලයක් නැති නිසා ඒ පද තාම
එළිවැට සොයනවා ........
මගෙන් වරදක් උනාදැයි
සිත නිතර විමසිලි කරනවා....
නුඹ මෙන්ම නුඹේ කවිකමත්
මට මහාමෙරක් සේ වටිනවා....
හීනයක් වගේ දැවටීලා නුඹ
සිතට එබිකම් කරනවා......
තේරුමක් නැති වුණත්
නුඹේ පෙම තාම මගේ
සිත සොයනවා....
තුෂාරි සේනාලිකා
2020.09.24
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩාක් ලස්සනයි ✍️❤️
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ගොඩක් ලස්සනයි ?✍?❤
තුෂාරි සේනාලිකා 5 years ago ස්තුති ඔබ සැමට ❤