චතුරංගි හර්ශිකා 5 years ago 235 2 2
ඉඩෝරයේ අළු අහසට ආදර කවි
කියන්න
මට තාමත් බෑ ඒකට මගෙ සිතුවිලි යොමන්න
ගිම්හානෙට ගිනි ගන්නා හිරුටත් පෙම් බඳින්න
කවි හිතකට හැකියිලු ලොව හැමටම පෙම් කරන්න...
ගහට මලට මේ අහසට ආදරයෙන් බැඳෙන්න
ගලන දොළට වැව් ඉවුරට කවි හිත දිග හරින්න
මලක ළපටි පෙති අතරේ හිතින් දෙතොල්
තියන්න
ප්‍රේමය නම් කිමැයි කියා කවි හිතකින් අහන්න...
මම
චතූ
2020 ඔක්තෝබර් මස 11 වැනි දා
Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago ???