චතුරංගි හර්ශිකා 5 years ago 248 4 4
අහස පුරාවට
අපේ පුරාවත
හවසක ලියන්න
මට හැකි නම් අද...
දෙරණ පුරාවට
සිතුවිලි කැටයම්
කැටපත් පවුරක්
මවන්න හැකි මට...
අපේ කතාවම
ඒ තරමට හිත
පාරනවා ප්‍රිය
අහිමි නුඹේ පෙම...
දිවි පියසේ එක
මොහොතක අපි යළි
නෙත ගැටුණොත් මම
මගහැර යමි නුඹ...
මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
01.20pm
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි නිසදැස
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤
ශශී❤️? 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤