චතුරංගි හර්ශිකා 5 years ago 296 3 9
අපූරු ලෝකයේ
තවත් දවසක කතාව...
දන්නවද මේ අහස
මල්වලට කියන කවිය...
සිනහව වගේම
උරුමයි ලු ලොවේ වේදනාව...
එනමුත් බලාපොරොත්තු
ජීවත් කරයි ලු ජීවිතය...
ගිම්හානයට මියෙන
පතොක් මලක් රහසින්...
පෙම් කරාලු ඔන්න
සුදු පාට වලාකුලකට...
ගිනියමේ ගගන මත
වැහි වලාකුළු කොහෙද...
ගිනිගන්න ගගනටත්
හිතක් තිබුණා ලු මෙලෙක..
මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
3.00pm
Deesha(දීෂා)❤️ 5 years ago නීල ගගන මත රැඳි ඒ මෘදු බව ගිනියම් ගුවනෙත් මදක් තිබේ....
Deesha(දීෂා)❤️ 5 years ago ගිම් කළ හිනැහුණු පතොක් පඳුර තුළ සිහිලැල් දිය බිඳු වුව ගැබ් වේ....
Deesha(දීෂා)❤️ 5 years ago හිමි නොවනා බව නිසැකව දැනගෙන පෙම් කරනා අය ලොව ඇත්තේ
Deesha(දීෂා)❤️ 5 years ago හඬනා දෙනෙතට සිනහව මැවෙනා එකඳු දිනක් හෝ යළි පැමිණේ.... _ නිසදැස ගොඩක් ලස්සනයි අක්කි❤️_
චතුරංගි හර්ශිකා 5 years ago Thank you Deesha.?❤ ඔයාගෙ කවිය ලස්සනයි ?
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr ?
imasha imasha 5 years ago Harima lassanai ???
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤