චතුරංගි හර්ශිකා 5 years ago 283 3 4
? හැන්දෑවක් ?
නම නොදන්න
කුරුල්ලෙක්
හෙමිහිට
කෑ ගහනවා...?
පරිසරය නිශ්චලයි
ඉර අහස කොණක
ගිලෙන්න
අර අඳිනවා...?
හුළං රැල්ලක් වත්
නිකමටවත් නොඑන හින්දා
ගස් මුදුන්
තුෂ්නිම්භූතව බලා ඉන්නවා...??
කහ පාට ආකහේ
හෙමි හෙමින්
රතු පාට
ඉරි ඇඳෙනවා...?
තවත් එක දවසක
හවසක
මම ගල් බංකුව උඩ
වාඩිවෙලා ඉන්නවා...?
හුදෙකලා රස්තියාදුවට
හිත පුරුදු වෙලා
මට නොකියම
එහෙ මෙහෙ යනවා...?
මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
ප.ව.04.22
Deesha(දීෂා)❤️ 5 years ago Oho ලස්සන අදහස් ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?
ශශී❤️? 5 years ago හිතත් හරි පුදුමයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr