චතුරංගි හර්ශිකා 5 years ago 266 3 4

Nisadas Image

? ආදරණීය හිතක්...✍

? කිරි අම්මා ?

අහිංසක පැතුමක්
පතන්නට මෙළෙක් හදවතක්...

මට දුන්නු ඔවදනක්
කිසිදාක නෑ මගහැරියෙ මමත්...

කුරුල්ලෙක් උනත්
මහ දළ ඇතෙක් උනත්...

පණ තියෙන සතෙක්
නසන්න එපා කිසිදා පර පණක්...

පුංචි කාලේ ඉඳන්
ජීවිතේ ගැන ගොඩක්...

කියා දුන්නා පෙමින්
ආදරය මහ මෙරක්...

අවතැන් හිතක්
පිරි මදින හැටි නෙතින්...

ආදරේ පිරුණු හදවතක්
මට දුන්නු නුඹ සොඳුරු කතක්...

නැතක් බාධක ආවත්
නොමැකෙන හිනාවක්...

ඇත්තමයි කිරි අම්මේ
නුඹට ඇත්තේ පුදුම හිතක්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
07.25 pm

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ❤️??? ගොඩක්ම ලස්සනයි

චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr??

ශශී❤️? 5 years ago කිරිඅම්මා ?❤️❤️❤️

චතුරංගි හර්ශිකා 5 years ago ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps