චතුරංගි හර්ශිකා 5 years ago 256 2 2
ආදරේ හරි අරුමයක්
එක්තරා පුදුම නිර්මාණයක්...
ප්‍රශ්න ජීවිතේ රිද්දුවත්
ජීවිතේ මොන අඩුපාඩු තිබුණත්...
ආදරේ ඇති තැන
මැවෙනවා සුර පුරයක්....
හදවතක් තියෙන
ආදරණීය මිනිසෙක්...
ලෝකෙම නැති වුණත්
ආදරෙන් ඉන්න ගැහැණියක්...
ජීවත් වෙන කැදැල්ලක්
ඇත්තමයි ලස්සන කූඩුවක්...
අඩු පාඩු අග හිඟ ගොන්නක්
එකකට පස්සේ එකක් ආවත්...
ආදරෙන් බැඳුනු දෑතක්
අත් හැරෙන්නෙ නෑ කවමදාවත්...
ලුණුයි බතුයි කෑවත්
අඩුවක් නැති ළෙගතුකම ආශිර්වාදයක්...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️❤️❤️ ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤