චතුරංගි හර්ශිකා 5 years ago 269 2 2
දෙවැට දිග තාරුකා
මල් තාම පිපෙනවා
කහ කුරුල්ලෝ තවම
දෙණිය ළග ඉන්නවා...
හවහාට වහින මල්
වැහි තාම වහිනවා
ගග අයිනෙ සුදු කොක්කු
තාම සිල් ගන්නවා...
කුඹුක් ගහ යට බෙනේ
තාම මෙහි තියෙනවා
ගම්මු හවහට ඇවිත්
වන්දනා කරනවා...
අවාරේ ගෙඩි හැදෙන
කොස් ගහත් තියෙනවා
වවුලො හැමදාම විත්
පොර කකා ලගිනවා...
ගං ඉමේ හැම තැනම
අතීතය තියෙනවා
එකම එක අඩුවකට
මුළු හිතම තැවෙනවා...
හැමදේම පෙර වගේ
තාම මෙහි තියෙනවා
නුඹ විතරමයි අඩුව
මම තනිව ඉන්නවා...
හැමදාම නුඹ සොයා
මගේ හිත දුවනවා
නුඹව දැකගනු රිසින්
තාම මග බලනවා...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? ???? ලස්සනයි ✍️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤✍