චතුරංගි හර්ශිකා 5 years ago 260 3 4
? මම හදවතින් නුඹව බදා අල්වා ගනිත්දී....නුඹ මා දෑතින් අල්වා ගති. දෑතින් ඇල්වූ අත අත්හැරිණි. හදවතින් ඇල්වූ මා
තවමත් අල්වා ගත්වනම ය.?
__________________________________________
අත් හැරෙන බව දැනත්
අල්වා ගතිමි තදින්
මතකයිද කිව්වා මං
නොයන බව හැරදා ඉතින්...
නැවතුමේ හැමදාම
හැම උදේකම රැදී
මුණ ගැසී දෙඩූ හැටි
නුඹට අමතක ඇතී...
මම ආසා හැමදේම
දෙන්න මුදලක් නැතී
නුඹව අසරණ කළේ නෑ මම
ඒක නුඹ දන්නවා ඇතී...
හමුවීම් අපමණයි ඒ පොඩි
කාලයට අපි ළං වුණා
මට හරිම පුදුමයි මමත් ඔය
නුඹට ඒ හැටි පෙම් කළා...
මගේ මතකය ඔබේ හිත මත
තිබේ දැයි මම නොදත්තා
නුඹෙ මතක නම් මගේ හදවත
හැමදාම ගිනිබත් කළා...
- චතූ✍
2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව. 04.21
Deesha(දීෂා)❤️ 5 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ?
ශශී❤️? 5 years ago දුක් වෙන්න එපා.හැමදාම හිනාවෙල ඉන්න.??
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤